ඊයේ (30) පස්වරුවේ මුදරන්කුලිය, කිවුල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් තරුණයකු හා තරුණියක මරණයට පත්ව තිබේ.
මරණයට පත් තරුණයා සිය පෙම්වතියට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
පුත්තලම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු වූ අදාළ තරුණයා 23 හැවිරිදි වියෙහි පසුවූ බවත්, ඝාතනයට ලක්වූ තරුණිය 21 හැවිරිදි වියෙහි පසුවූ බවත් සඳහන්ය.
පෙම් සබඳතාවය මත ඇතිවූ ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
9









