උතුරේ ඡන්දෙත් ප්‍රචණ්ඩකාරී වනු ඇත. – RS

උතුරු පළාත පැය 24ම පවතින්නේ ආරක්ෂක අංශය යටතේ බවත් උතුරේ සිදුවන කිසිවක් රජයේ ආරක්ෂක අංශ නොදැන කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

තම පක්ෂයේ කිලිනොච්චි කාර්යාලයට 30වෙනිදා එල්ල කළ ප්‍රහාරය කිසිසේත් සාමාන්‍ය පුද්ගලයන් කළ දෙයක් නොවන බවත් එයින් ආණ්ඩුවේ කැලෑ නීතිය මොනවට පැහැදිලි වන බවත් ඔහු පවසයි.

සිද්ධිය වූ වෙලාවේදී හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් දෑත් බැඳගෙන සිටි බව පවසන ඔහු පහරදීමට පැමිණි පුද්ගල‍යෙකු අල්ලා පොලිසියට බාරදුන්නත් එසැනින් ඔහු නිදහස් කළේත් මන්දැයි ඔහු විමසයි. මේ කරුණුවලින් උතුරේ මිලිටරි පාලනයක් ක්‍රියාත්මක වන බව පැහැදිලි වන අතර උතුරේ පවත්වන්නට යන මැතිවරණය ඉතා ප්‍රචණ්ඩකාරී වනු ඇතිබවට සැකයක් නැතැයි සම්බන්ධන් මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn