කතරගම ලංගම වර්ජනයේ

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කතරගම ඩිපෝ සේවකයෝ අද (01) වැඩ වර්ජනයක් ආරම්භකර තිබේ.

මෙම වර්ජනය ආරම්භ කිරීමට මූලික හේතුවී ඇත්තේ සේවකයන් හය දෙනකුගේ වැඩ තහනම් කිරීම හා නියමිත වේලාවට සේවක වැටුප් නොගෙවීමයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ලංගම සේවකයෙකු පැවසූවේ කතරගම පමණක් නොව දිවයිනේ සමස්ථ ඩිපෝ සේවකයාටම මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඇති බවයි. විශේෂයෙන් තම මාසික වැටුප ලැබිය යුතු මාසයට නොලැබීම සහ එවැනි මාස ගණනාවක වැටුප් හිගව පැවතීම තම ප්‍රධානතම ගැටළුව බවත් ඔහු පැවසීය.

තම වැටුප් නොලැබීම නිසා බොහෝ සේවකයින් හතර වටේට ණය කාරයන් වී ඇති බවත් තැන තැන එක එක ඩිපොවේ ඇතිවන මෙවැනි වර්ජන නිරායාසයෙන්ම නොදුරේදීම මුළු රට පුරාම පැතිර යනු ඇති බවත් ඔහු අවධාරණයෙන් යුතුව පවසා සිටියේය.

Facebook
Twitter
LinkedIn