ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය අද (01) උදෑසන 09.00ට බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණි අතර පැයක පමණ කලායක් එහි රැඳී සිට පසුව පිටව ගියේය.
ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා ඇතුළු නීතීඥයින් පිරිසක් එම කොමිසම අසලට රැස්වී සිටි අතර ඔවුන් ශිරානි බණ්ඩාරනායක මහත්මියට අතට අත දී ඇයට සුභපැතීය.
ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි සහ සුගත් කල්දේරා මහත්වරුන් සමග බණ්ඩාරනායක මහත්මිය කොමිසම හමුවේ පෙනීසිට ඇති අතර ඉන් පිටතට පැමිණි පසු මාධ්‍යවේදීන්ට කිසිවක් නොපැවසීය. මාධ්‍යවේදීන්ට ‘තෑන්ක් යූ වෙරි මච්‘ කියා ඇය ඉන් පිටව ගියේය.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය පුත්‍රයා විසින් පැදැවුණු කාරයේ ඇගේ ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාද සමග පැමින සිටියේය.
Views: 0









