හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධූරයේ වහාම පිහිටුවන්නැයි ඇය එම ධූරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට යෝජනා කර සිටී.
ඇය ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් එම සංගමයේ මානව හිමිකම් ආයතනය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර එහි යෝජනා 03ක් අන්තර් ගතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව හිටපු අගවිනිසුරුවරිය යළි සේවයේ පිහිටුවන ලෙස එම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති පළමු යෝජනාවය.
එමෙන්ම විනිසුරුවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කරන ලෙසත්, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන ලෙසත් මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යෝජනා කරන තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට පෙර, තම සංගමය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා පිළිබද අවධානය යොමු කරන ලෙස එම සංගමය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර හිටපු අගවිනිසුරුවරිය ධූරයෙන් පහකිරීම නීතී විරෝධී බවත් එමගින් ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසය බිඳී ඇති බවත් එම සංගමය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.









