අයි.පී. එල් වලින් ජෙනිෆර් ලොපෙස් ඉවතට – පිට්බුල් ඇතුලට

 

ලබන සතියේදි ආරම්භ වීමට නියමිත ඉන්දිය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උළෙලේ ගී ගැයීම සදහා තෝරාගෙන සිටි ජනපි‍්‍රය පොප් ගායිකා ජෙනිෆර් ලොපේස් ට එම අවස්ථාව ලබා නොදී පොප්/රැප් ගායක පිට්බුල් හට අවස්ථාව ලබාදීමට අයි පී එල් සංවිධායකයන් තීරණය කර ඇතැයි වාර්තා වෙ.

කෝටි ගණනක නරඹන්නන් පිරිසක් හා සජීවිව සම්බන්ධවිය හැකි මෙම අවස්ථාව ජෙනිෆර් ලොපෙස් විසින් අහිමි කර ගෙන ඇත්තේ උළෙලට සහභාගී වීම සදහා පෞද්ගලික ගුවන්යානයක් , තමන් ඇතුළු කාර්යමන්ඩලයට නැවතී සිටීමට පෞද්ගලික හෝටලයක් ඇතුළු ඉටු කිරීමට අසීරු  ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කිරීම නිසා බව වාර්තා වෙ.

කෙසේ වුවද මෙ පිලිබද මාධ්‍ය දැනුවත් කරන ලොපේස්ගේ කළමණාකාරීත්වය පවසන්නේ දින වෙන්කිරීමෙ අපහසුතාවය මත ජෙනිෆර් ලොපේස් ගායිකාව මෙම අවස්ථාවට සහභාගී නොවන බවයි.

 

Facebook
Twitter
LinkedIn