රාජ්‍ය බැංකු අර්බුදයක – අමුණුගම

 

රාජ්‍ය ආයතනවලට තවදුරටත් සහනාධාර ලබාදුන්නොත් රාජ්‍ය බැංකු පවත්වාගෙන යෑමේ ගැටලුවකට මුහුණ පාන බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසනවා.

පාඩු ලබන රාජ්‍ය ආයතනවලට පොම්ප කරන්නේ රාජ්‍ය බැංකුවල මුදල් බවත් එම මුදල් නැවත අයකරගැනීමට නාහැකිව බැංකු අමාරුවේ වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ප‍්‍රධාන බැංකු දෙකේ මුදල්වලින් 25%ක්ම ලබාදෙන්නේ තෙල් සංස්ථාවට සහ විදුලිබල මණ්ඩලයට බවද ඔහු පෙන්වා දෙයි. මෙතෙක් කලක් මේ පිළිබඳව සඟවාගෙන සිටි බවත් දැන් ඒවා එළිපිට කතා කිරීමට සිදුව ඇති බවත් ඔහු පවසයි.

පසුගියදා හාරිස්පත්තුව, මැදවල නගරයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කරමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය.

 

Facebook
Twitter
LinkedIn