ඉන්දුනීසියාවේ අනක් – ක්රැකටෝවා ගිණිකන්ද විදාරණයවීමෙන් පසුගියදා ඇතිවූ සුනාමි තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 373 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.
පුද්ගලයන් 1459 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර 128 දෙනෙකු අතුරුදන්ව ඇත.
පසුගිය සෙනසුරාදා(22) දින රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයක් සමඟ ගිනි කන්ද විදාරණයවී සුනාමි තත්වය ඇතිවූ අතර ඒ වනවිට සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය ක්රියා විරහිතව පැවති බවද වාර්තා වේ.
ඊයේ(24) වනවිටත් ගිණිකන්දෙන් අළු සහ ලාවා පිටවූ අතර තවදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
Views: 0










