කෝන්ගහවෙල නගරය පුරාවෘත්තයක් වෙයි

කෝන්ගහවෙල නගරය පුරාවෘත්තයක් වෙයි

මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව මේ දිනවල සම්පූර්ණවෙමින් පවතින අතර නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්ගහවෙල නගරය මේ වනවිට ජලයෙන් යටවෙමින් පවතී.

නගර මධ්‍යයේ පිහිටි රෝහල ඇතුළු රජයේ ගොඩනැගිලි රැසක් ඉවත් කර නොමැති අතර එම ගොඩනැගිලි ද මේ වනවිට ජලයෙන් වැසී යමින් පවතී.

වසර දහස් ගණනක සිට ජනාවාසව පැවති ජනාකීර්ණ නගරයක් වූ කෝන්ගහවෙල නගරය තව දින කිහිපයකින් සම්පූර්ණයෙන්ම මොරගහකන්ද ජලාශයට යටවී ලංකා සිතියමෙන් මැකී යනු ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ජලයෙන් යටවන ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත්කර තිබේ.

(දර්ශන – හිරු)

Facebook
Twitter
LinkedIn