පාකිස්ථාන හිටපු අගමැතිට යලිත් සත් වසරක සිර දඬුවමක්

පාකිස්ථාන හිටපු අගමැතිට යලිත් සත් වසරක සිර දඬුවමක්

පාකිස්ථාන හිටපු අගමැති නවාස් ශරීෆ් නැවත බන්ධනාගාරගත කිරීමට ඉස්ලාමාද් අධිකරණය අද(24) තීන්දු කර තිබේ.

දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය සැප්තැම්බර් මාසයේ මුදාහැරි අතර නැවතවරක් දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් අද(24) පැවැති නඩුවිභාගයකදී වසර හතක සිරදඬුවමකට යත්වීමට නවාස් ෂරීෆ්ට සිදුව තිබේ.

ප්‍රකාශිත වත්කම් ඉක්මවූ ආයෝජන සිදුකර අතැයි පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍යවරයාට නැවත දූෂණ චෝදනා එල්ලවූ අතර එයට වරදකරුවීමෙන් මෙම සිරදඬුවම නියමවී තිබේ.

පසුගිය මැතිවරණයෙන් නවාස් ශරීෆ්ගේ ඉස්ලාමීය ලීගය පරාජයවී ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය ජයගත් අතර මැතිවරණයට පෙර සිටම හිටපු අග්‍රාමාත්‍යවරයාට දූෂණ චෝදනා එල්ලවී පැවතුණි.

Facebook
Twitter
LinkedIn