අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට උතුරු පළාතේ පවුල් 18,585කට අයත් පුද්ගලයින් 66,345කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු 35 ක් පිහිටුවා ඇති අතර, අදාළ අවතැන් කදවුරු තුළ පවුල් 3297 කට අයත් පුද්ගලයින් 10342 දෙනෙකු රදවා සිටින බවයි.
මේ අතර උතුර, නැගෙනහිර, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම වව්නියාව සහ මන්නාරම් දිස්ත්‍රික්කවලටත් තවදුරටත් වැසි ඇතිවිය හැකියැයි කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව නිවේදනය කරයි.
රාජාංගනය සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතී.
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු පිළිබඳ අවබෝධයෙන් සින්නැයි බලධාරීන් ජනතාව දැනුවත් කර සිටියි.









