ඉන්දුනීසියාවට අදත් සුනාමියක් – මියගිය පිරිස ඉහළට

ඉන්දුනීසියාවට අදත් සුනාමියක් – මියගිය පිරිස ඉහළට

අද(23) පෙරවරුවේ ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්වයක් හේතුවෙන් 168 දෙනෙකු මියගොස් 600 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට පමණ ක්‍රකටෝවා ගිනි කන්ද සක්‍රීයවීමෙන් මෙම සුනාමි තත්වය හටගෙන තිබේ. අඩි 20ක පමණ උසට විහිදුනු සුනාමි රළක් හටගෙන ඇති අතර ඉන් නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ද හානි වී ඇතැයි එරට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජීවිත හානි ගණන තවදුරටත් ඉහළ යා හැකිබව ඉන්දුනීසියානු සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඉන්දුනීසියාව නිරන්තරයෙන් භූමි කම්පා සහ සුනාමි තත්ව ඇතිවන පැසිෆික් ගිනි වළල්ල ලෙස හැඳින්වෙන කලාපයක පිහිටා ඇති අතර මෑත වසර කිහිපය තුළදී පමණක් ඉන්දුනීසියාව සුනාමි තත්ව ගණනාවකට මුහුණ දීමට සිදුවිය.

2004 දෙසැම්බර් 26 වර්ෂයේදී ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට බටහිරින් සිදු වූ භූකම්පනයකින් පසු ඇති වූ සුනාමි තත්ත්වය  රටවල් 14 කට බලපෑ අතර ඉන්  පුද්ගලයන්  226,000 මියගියහ.මෑත ඉතිහාසයේ සිදුවූ ප්‍රබලම සුනාමිද මෙය විය.

සුමාත්‍රා බටහිර වෙරළ තීරයේ 2005 වර්ෂයේ මාර්තු අග සහ අප්‍රේල් මුල ඇතිවූ ප්‍රබල භූකම්පාවකින්  සිය ගනණක් මිය ගියහ.

2006 වර්ෂයේ රිච්ටර් මාපක 6.8ක විශාලත්වයෙන්  ජාවා උතුරු ප්‍රදේශයට සහ ඉන්දුනීසියාවට  බලපෑ සුනාමියක් හේතුවෙන් පුද්ගලයන් 700ක් මිය ගොස් ඇත.

2009 බටහිර සුමාත්‍ර පළාතේ අගනුවර වන පදාන් නගරය අවට සිදු වූ රිච්ටර් මාපකයේ 7.6ක  සුනාමිය   පුද්ගලයන් 1,100 ක් මිය ගියහ.

රිච්ටර් මාපකයේ 7.5 ක විශාලත්වයෙන් මීටර් 10 උසන්  2010 වර්ෂයේ සුමාත්‍රාවේ ඇති වූ ඇති වූ සුනාමියෙන් පුද්ගලයන්  300 මියගොස්  ගම්මාන විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත.

2016 උතුරු ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාව නොගැඹුරු භූ කම්පනයක් වුවත් පුද්ගලයන් 100 දෙනෙක් මිය ගොස් ඇත.

2018 ඉන්දුනීසියාවේ සංචාරක දූපතක් වන ලොම්බොක්හි සිදුවූ භූකම්පනය  500 ගණනට මරු කැදවා ඇත.

එම වර්ෂයේම ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනට බලපෑ  සුනාමියක් හේතුවෙන් වෙරළාසන්න නගරයක් වන පලු නගරයට විශාල හානියක් සිදු වී අති අතර  2000 මියගොස් ඇත.

Facebook
Twitter
LinkedIn