මන්නාරම් සමූහ මිනී වලේ අස්ථි සාම්පල ඇමරිකාවට

මන්නාරම් සමූහ මිනී වලේ අස්ථි සාම්පල ඇමරිකාවට

මන්නාරම් සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි සාම්පල කාබන් කාල නිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරීඩාහි රසායනාගාරයකට යැවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනවාරි මස තුන්වන සතියේ මෙම අස්ථි සාම්පල යැවීමට නියමිත අතර පරීක්ෂණ කටයුතු සඳහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි මිනී වල සම්බන්ධ කැනීම් කටයුතු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

කාබන් කාල නිර්ණය සඳහා සාම්පල ලබාගැනීම පසුගිය සතියේ සිදුවූ අතර මීනි වලෙහි ස්ථාන හයකින් ලබාගත් අස්ථි සාම්පල හයක් ඒ අනුව ඇමරිකාවට යැවීමට නියමිතව ඇත.

මේ වනවිට දින 121කට අධික කාලයක් මන්නාරම් සමූහ මිනී වල සම්බන්ධව කැනීම් කටයුතු සිදුකර අති අතර මිනිස් සිරුරු 283කට අයත් අස්ථි කොටස් මේ වනවිට සොයාගෙන ඇත.

පසුගිය මාර්තු මස මන්නාරම් පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ පස් ඉවත් කිරීමේදී මෙම අස්ථි කොටස් හමුවූ අතර ඉන්පසු මේ දක්වා කැනීම් කටයුතු සිදුකරයි.

Facebook
Twitter
LinkedIn