අතුරු සම්මත ගිණුමට ජවිපෙ විරෝධය

අතුරු සම්මත ගිණුමට ජවිපෙ විරෝධය

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුමට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධත්වය ප්‍රකාශකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේදී අදහස් දක්වමිණි.

පාර්ලිමේන්තුවටද නොදන්නවා නීති විරෝධී ලෙස සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීම හම්බන්තොට වරාය විකිණීම ඇතුළු ජනතාවිරෝධී කරුණු ගණනාවකට සම්බන්ධ වත්මන් ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට විරුද්ධ වන බව මෙහිදී බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn