බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් හි හිමිකාරිත්වය දරන අර්ජුන් ඇලෝසියස් මහතා අද (19) රාත්‍රී 07ට පමණ හදිසියේම බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගේත් සෘජු මැදිහත්විම මත මෙලස හදිසියේම අර්ජුන් ඇලෝසියස් මහතාව ඇතුළත් කිරීමේ අංක 8767 යටතේ බන්ධනාගාර රෝහලේ ඇඳ ඉහපත් අංක 968හි රඳවා ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
ඔහු හෙටදින ගිලන්රථයක් මගින් අධිකරණය වෙත රැගෙනයාමට නියමිත අතර ඔහු නැවත බන්ධනාගාර රෝහල වෙත රැගෙන එන ලෙසද නියෝග කර ඇතැයි පැවසේ.
6










