මෛත්‍රීගෙන් නීතිවිරෝධී ලිපියක් – මහින්ද ඇතුළු පිරිසට නැවත පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමේ කූඨ උත්සාහයක්

මෛත්‍රීගෙන් නීතිවිරෝධී ලිපියක් – මහින්ද ඇතුළු පිරිසට නැවත පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමේ කූඨ උත්සාහයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමේ කූඨ ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය තුළ එම පක්ෂයේ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අත්සනින් සැකසෙමින් තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 22/2 වගන්තිය අනුව එම පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගතහොත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ස්වභාවිකවම අහෝසි වී යන බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස 2018 නොවැම්බර් 11 වනදා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් අතර ඉන් පසු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් ඔවුන්ගේ අත්සන්ද සහිතව ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත් පිරිසේ  ශ්‍රිලනිප සාමාජිකත්වය අහෝසි වී ඇති බැවින් වහාම ඔවුන් දැරූ තනතුරුවල පුරප්පාඩු සඳහා ශ්‍රිලනිපයේ වෙනත් සාමාජිකයන් පත් කරණ ලෙසය.

කෙසේ නමුත් නොවැම්බර් 11වනදායි පසු ආසන්න දිනයක් යොදමින් වහාම එම මන්ත්‍රීවරුන්ට නැවත ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය පිරිනැමූ බවට සඳහන් කරමින් උක්ත කූඨ ලේඛනය සැකසෙමින් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු නියෝගය මත එම පක්ෂයේ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අත්සනින් එම ලිපිය සකස් කරමින් තිබෙව බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn