ටෙස්ට් පිටියේ මතක සටහන් තබමින් සිව්වන දිනය නිමාවෙයි

ටෙස්ට් පිටියේ මතක සටහන් තබමින් සිව්වන දිනය නිමාවෙයි

නවසීලන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අද(18) අවසන් වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් අතැතිව නවසීලන්ත පළමු ඉනිමට වඩා ළකුණු 37ක් පසුපසින් සිටියි.

ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 3ක් දැවී ලකුණු 259ක් අතැතිව පසුවෙයි.

දිනය ආරම්භ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 20ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස්ගේ සාර්ථක පිතිකරණය හේතුවෙන් දෙවැනි ඉනිමට තවත් ලකුණු 239ක් එක්විය.

අද දිනය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට නොහැකි වූ අතර ජාත්‍යන්තර ටෙස්ට් තරඟ දිනයකදී අදාල සියළුම පන්දුවාර ක්‍රියාත්මක කර ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුල්ලක් දවැගැනීමට නොහැකිවී ඇත්තේ වසර 10කට පසුවය.

ඇන්ජලෝ මැතිව්ස් සිය 09 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් වූ අතරකුසල් මෙන්ඩිස් සිය 6 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඒ් අනුව ඇන්ජලෝ මැතිවුස් ළකුණු 117ක් ද කුසල් මෙන්ඩිස් 116ක් ද රැස්කරගෙන නොදැවී ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ළකුණු 282ක් රැස්කළ අතර නවසීලන්තය සියළු දෙනා දැවී ළකුණු 578ක් රැස්කර ගැනීමට සමත් විය.

තරඟයේ අවසන් සහ පස්වන අදියර හෙට පැවැත්වේ.

Facebook
Twitter
LinkedIn