එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මාතලේ නගර සභාවේ 2019 අයවැය සම්මත කර ගැනීම සඳහා මෛත්රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්රී කණ්ඩායම ඡන්දය ප්රකාශ කර ඇතැයි වාර්තා වේ.
එම අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කර ඇත්තේ ජවිපෙ මන්ත්රීවරයා සහ තවත් මන්ත්රීවරු තිදෙනෙකු පමණි.
මෙලෙස සම්මත කරගත් අයවැය යෝජනාව මගින් මුදල් වෙන් කිරිම සභාවේ බලය හිමි එජාප මන්ත්රින්ට වාසි අත්වන ලෙස පක්ෂග්රාහිව සිදු කර ඇති බවත් පරිසර, සෞඛය ඇතුළු පොදු සේවාවන් සඳහා ඉතා අවම මුදලක් වෙන්කර තිබිම ඇතුළු අසාර්ථක යෝජනා සහ නාස්තිකාර වියදම් රැසක් පවතින බවත් ජවිපෙ මන්ත්රි මොහොමඩ් නිලාෆ් මහතා සඳහන් කරයි.
Views: 0










