විපක්ෂනායකවරයා පත් කිරීම සම්බන්ධයෙන් තමන් මතු කළ කරුණ අනුව විපක්ෂ නායකවරයා පත් කිරිමේ තීන්දුව ලබන සිකුරාදා තෙක් කල් තැබූ බව දෙමළ ජාතික සන්ධාන මන්ත්රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කරයි.
විශ්රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමත් සමග ඔහුට සිය මන්ත්රී ධුරය අහිමිවන බවට තමන් මතු කළ විරෝධය හේතුවෙන් මෙසේ විපක්ෂනායකවරයා පත්කිරීම කල් දමනු ලැබූ බවත් සිය විරෝධතා ලිඛිතව ලබාදෙන මෙන් කතානායක කරු ජයසූරිය ඒ අවස්ථාවේ තමන්ට දැනුම් දුන් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ සුමන්දිරන් මහතා ප්රකාශ කර ඇත.
කෙසේ නමුත් අද (18) පාර්ලිමේන්තුව ආරම්භයේදීම කතානායක කරූ ජයසූරිය මහතා ප්රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම මන්ත්රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු බැවින් එම පක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ලබා දෙන බවය.
එහෙත් මහින්ද රාජපක්ෂ මන්ත්රීවරයා තවදුරටත් එක්සත් ජනතා සන්ධානයේ සාමාජිකයෙකු නොවන බවට තමන් තර්කයක් මතු කළ බවත් ඒ අනුව විපක්ෂනායකවරයා තීරණය කිරීම කතානායකවරයා විසින් සිකුරාදා දක්වා කල් තබනු ලැබූ බවත් පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ සුමන්දිරන් මහතා වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
මූලාශ්ර බීබීසී සිංහල










