“ලක්ෂ 62ක ජනවරම අනුව කටයුතු නොකිරීමේ වරදට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වගේම රනිල් වික්රමසිංහත් හරි හරියට වග කිවයුතුයි. 2019 ජනවාරි වනවිට ඉතිරි විශේෂ මහාධිකරණ දෙකත් පිහිටුවල විශේෂ මහාධිකරණ තුනේම නඩු අහන්න කියල රනිල් වික්‍රමසිංහ මහතාට අපි අභියෝග කරනවා. නමුත් අපට විශ්වාසයි රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ රනිල්ගෙ හෙංචයියන්ට අත තියන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ අගමැති තනතුර අත්හරින්නෙ ඔහුට තියෙන නඩු අහන්නෙ නැහැ කියන පොරොන්දුව මතයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (16) කළුතරදී පැවති ජන හමුවකදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
“දින පනහේ දේශපාලන කුමන්ත්‍රණය දැන් අවසානයි. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිළිනොගත්ත, කථානායකට විරුද්ධව පෙළපාළි ගිය අය දැන් අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ටත් විරුද්ධව පෙළපාළි යයිද දන්නෙ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීත්‍යානුකූලයි කියපු අය මේ තීන්දුව ගැන කියන දේ දැනගන්න අපි කැමැතියි. ඒ අය දැන් පෙළගැහෙන්නෙ අගවිනිසුරු ඇතුළු විනිසුරුවන්ට අවලාද නඟන්නයි.
මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් ඉවත්වූ ගමන් කොටි නැඟිටිනවලු. වීරවංශලා, ගම්මන්පිලලා තමයි කියන්නේ. එහෙමනම් ගෝඨාභය පාරම්බාපු විදියට කොටි විනාස කරල නැහැ. ඒ අනුව පේන්නෙ මැදමුලනෙයි, විජේරාමයෙයි කොටි කූඩු කරගෙන ඉන්නවා වගෙයි. මොකද මේ ගොල්ලන්ට ඕන ඕන වෙලාවට එළියට දාන්න පුළුවන් වෙන්නෙ එහෙම ඉන්න නිසයි.
මේ රටේ ප්රජාතන්ත්රවාදය රජ කරවන්න ජනතාව කරපු මේ කැපකිරීම ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයට අබමල් රොනක හෝ හැඟීමක් තිබෙනවා නම් හොරු ඇල්ලීම කඩිනම් කළ යුතුයි. රාජපක්ෂ ආණ්ඩුවේ හොරුන්, වංචනිකයන් හුරතල් කළේ රනිල් – සාගල කල්ලියයි.
එහි සැලසුම් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර එහි වාසිය ඔවුන්ට ලබාගැනීමයි. හොරු නොඇල්ලීමේ ප්‍රතිඵලය වුණේ හොරු ආණ්ඩුව අල්ලගෙන දින 50ක කුමන්ත්රනයක් මේ රටේ සිදු කිරීමයි.
ලක්ෂ 62ක ජනවරම අනුව කටයුතු නොකිරීමේ වරදට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වගේම රනිල් වික්රමසිංහත් හරි හරියට වග කිවයුතුයි. 2019 ජනවාරි වනවිට ඉතිරි විශේෂ මහාධිකරණ දෙකත් පිහිටුවල විශේෂ මහාධිකරණ තුනේම නඩු අහන්න කියල රනිල් වික්‍රමසිංහ මහතාට අපි අභියෝග කරනවා. නමුත් අපට විශ්වාසයි රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ රනිල්ගෙ හෙංචයියන්ට අත තියන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ අගමැති තනතුර අත්හරින්නෙ ඔහුට තියෙන නඩු අහන්නෙ නැහැ කියන පොරොන්දුව මතයි.
අගමැතිකම නැති වෙලත් තමන්ට අරලියගහ මන්දිරේ ඉන්න දුන්න මහින්දට කළගුණ සලකන්නෙ එහෙමයි. ලෝකෙට පරකාස පෙන්වන්න ගියාට තාම ඉන්නෙ පරණ පුරුදු එක්සත් ජාතික පක්ෂයමයි කියල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දවසෙ පෙන්නුවා. සන්ධානයේ මැරයෝ රූපවාහිනියට පැනල නටපු නැටුමයි, එක්සත් ජාතික පක්ෂ මැරයො ලේක්හවුසිය ඉදිරිපිට නටපු නැටුමයි අතර කිසි වෙනසක් නැහැ. අපේ ගමේ කතන්දර මුත්තා අපට ඒ කාලේ කියපු රස කතාවක් තිබුණා. සිරිපාල කියන තරුණයා ඒ ගමේ හිටිය රන් මැණිකා කියන තරුණිය සමඟ හාදකමක් පවත්වමින් ඉඳල හඳපානේ කඳුවැටි, බඩවැටි, ඕවිටි පසු කරල දෙන්න හොරෙන්ම පැනල ගියාලු. දින කිහිපයකට පසුව ගමේ අයට උත්සවයකට ආරාධනාවක් ලැබිල තියෙනවා. බැලුවම ඒක සිරිපාලයි – මැණිකයි දික්කසාද වන උත්සවයලු.
මේ කතාව මතක් වුණේ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙන්න තියපු උත්සවය දැකලයි. පිරිත් කියල, බෙරගහල, පෝරුවක් හදල උත්සවයක් තියල ඉල්ලා අස්වීමේ ලිපියට අස්සන් කළා. ඉල්ලා අස්වෙන කොට වටේ හිටිය අය අත්පුඩිගැහුවා. කතන්දර මුත්තා හිටිය නම් කියයි අබුද්දස්ස කාලෙ ඕව ඔහොම තමයි කියල.
වීරවංශල, ගම්මන්පිල, එස්.බී.ල සෙට්එක මහින්ද මහත්තයව වැටට තියල අමුඩය ගහන්න කියල. එතකොට ඉස්සරහට යන්නත් බැහැ පස්සට යන්නත් බැහැ. යනව නම් යන්න වෙන්නෙ අමුඩෙ වැටේ තියලයි. දැන් මහින්ද මහත්තයට වෙලා තියෙන්නෙ අන්න ඒකයි.
“නිදහස් සන්ධානයේ සියලු දෙනා විපක්ෂයේ ඉඳගත්තොත් ඔවුන්ට විපක්ෂනායකකම ලැබෙනවා. විපක්ෂනායකකම සන්ධානයට දෙනවා නම් ඒකට සුදුසුම කෙනා කුමාර වෙල්ගමයි. ජාතික ආණ්ඩු හවුලකට යන්නෙ නැතුව විපක්ෂයේ සිටිය යුතුයි කියල මුලින්ම කිව්වෙ කුමාර වෙල්ගමයි. හොර පාරවල්වලින්, පස්ස දොරින් ගිහිල්ලා අගමැතිකම් ගන්නවට විරුද්ධ වුණේ වෙල්ගමයි. රනිල්ගෙ හැම අය-වැයටම කෙළින්ම විරුද්ධ වූ ඔහු දේශපාලනයේ ඉදිරිය දැකල කෙළින් වැඩ කළා. විපක්ෂ නායකකම දෙනවා නම් දෙන්න ඕනෑ කුමාර වෙල්ගමට…”
මතුගම – වසන්ත කුමාර










