පසුගිය වසර 09 තුළ හමුදාව උතුරේ ඉඩම් අක්කර 69754.59ක් නිදහස් කරලා

පසුගිය වසර 09 තුළ හමුදාව උතුරේ ඉඩම් අක්කර 69754.59ක් නිදහස් කරලා

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල 2009 වසරේ සිට මේ දක්වා වූ වසර 09ක කාලය තුළ යුද හමුදාව පරිහරණය කළ ඉඩම් අක්කර 69754.59ක ප‍්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බව යුද හමුදාව පවසයි.

2009 වසරේ මැයි මස 18 වැනි දින සිට යුද හමුදාව විසින් ඉඩම් අක්කර 84523.84ක පරිහරණය කර තිබූ බවත් ජාතික ආරක්ෂාවට හානියක් නොවන අයුරින් ඉහත ඉඩම්  ප‍්‍රමාණය නිදහස් කළ බවත් යුද හමුදාව සඳහන් කරයි.

2018 නොවැම්බර් මස 25 වැනි දින දක්වා කාලය තුළ මෙම ඉඩම් නිදහස් කර ඇති බවත් මේවා පුද්ගලික හා රජයේ ඉඩම් බවත් උසස් හමුදා නිලධාරියෙක් කියා සිටියේය.

2009 වසරේ සිට හමුදාව යාපනය දිස්ත්‍රිකයෙන්  ඉඩම් අක්කර 25202.88ක ප‍්‍රමාණයක්ද, කිලිනොච්චි අක්කර 25948.49ක ප‍්‍රමාණයෙක්ද, මුලිතිව් හි අක්කර 11911.18ක ප‍්‍රමාණයක්ද,  මන්නාරමෙන් අක්කර 2302.30ක ප‍්‍රමාණයක්ද, වව්නියාවෙන් අක්කර 7331.47ක ප‍්‍රමාණයක්ද, ත්‍රීකුණාමලයෙන් අක්කර 1859.65ක ප‍්‍රමාණයක්ද, මඩකලපුවෙන් අක්කර 1592.29ක ප‍්‍රමාණයක්ද, අම්පාරෙන් අක්කර 8375.58ක ප‍්‍රමාණයක්ද යුද හමුදාව විසින්  පරිහරණය කර තිබුණි.

ඒ අතරින් නිදහස් කළ ඉඩම් අතර යාපනය දිස්ත්‍රික්කයෙන් අක්කර 22496.09ක් ප‍්‍රමාණයක්ද, කිලිනොච්චියෙන් අක්කර 24396.29 ක ප‍්‍රමාණයක්ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් අක්කර 7126.69ක ප‍්‍රමාණයක්ද, මන්නාරමෙන් අක්කර 885.74ක ප‍්‍රමාණයක්ද , වව්නියාවෙන් අක්කර 6250.24ක ප‍්‍රමාණයක්ද, ත්‍රීකුණාමලයෙන් අක්කර 98.18ක ප‍්‍රමාණයක්ද, මඩකලපුවෙන් අක්කර 1040.54ක ප‍්‍රමාණයක්ද, අම්පාරෙන් අක්කර 7460.82ක ප‍්‍රමාණයක්ද වන බව එම උසස් හමුදා නිලධාරියා කියා සිටියේය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් නිදහස් කළ තවත් ඉඩම් අක්කර 263.55ක ප‍්‍රමානයක් 2018.12.31 වැනි දිනට පෙර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය  විසින් නිදහස් කිරීමට නියමිත ඇති බවද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටක් කියා සිටියි.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn