මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම් වන අතර අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් තැන්පත් කර තිබූ ඔහුගේ පෞද්ගලික ගිණුමක් අත්හිටුවීමටද මාලදිවයින් අධිකරණයක් නියෝග කර තිබේ.
මාලදිවයිනේ එම අධිකරණය මෙම නියෝගය කර ඇත්තේ එරට මහ බැංකුව, අබ්දුල්ලා යමීන්ගේ පෞද්ගලික ගිණුමක සිදු වූ සැකසහිත මුදල් ගනුදෙනු දෙකක් පදනම් කර ගනිමින් පොලිසියට ගොනු කළ පැමිණිල්ලක් පදනම් කර ගනිමිනි.
මූල්‍ය වංචා චෝදනා එල්ලවීම හමුවේ අබ්දුල්ලා යමීන්ගෙන් ඉකුත් සිකුරාදා එරට පොලීසිය ප්‍රශ්න කර තිබුණි.
ඉකුත් සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් අබ්දුල්ලා යමීන් පරාජය විය.
Views: 0










