ජාතික විද්වත් සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව ඊයේ (16) උත්කර්ශවත් අන්දමින් පැවැත්විනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය, ආසියානු රන්පදක්කම් ලාභි ධාවන ශූර, මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතා, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය චන්දන අබේරත්න මහතා, මාබිම ව්‍යාපාරයේ අධිපති සුජිත් පෙරේරා මහතා, දේශීය අදායම් දෙපාර්ත්මේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් සෝමසිරි ප්‍රනාන්දු මහතා, සියනෑ හෝල්ඩින්ස් හි සහකාර සාමාන්‍යධිකාරී ටිකිරි රාමනායක මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යනඅංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රියංකර රත්නායක මහතා, කුඩා තේවත් සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යධිකාරී කමල් ප්‍රනාන්දු මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය, ඉංජිනේරු උපාලි රත්නායක මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිත රෝහන මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්වි සිටියහ.
මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ප්‍රධාන දේශන පැවැත්වූහ.
මේ වනවිට රට තුළ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය අනුව වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන් සංවිධානය වීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් එසේ උගතුන් බුද්ධිමතුන් සංවිධානය වීමේදී ගතානුගතික, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් මිදී විකල්ප ධාරාවක දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වීමේ අවශ්‍යතාවයත් එම සමුළුවේදී අවධාරණයට ලක් විය.






















