විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ පාර්ලිමේන්තු සංයුතිය අනුවයි – ඕනෑම තීරණයක් සතුටින් භාරගන්නවා

විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ පාර්ලිමේන්තු සංයුතිය අනුවයි – ඕනෑම තීරණයක් සතුටින් භාරගන්නවා

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයද හිමිවිය යුත්තේ පාර්ලිමේන්තුවේ විබක්ෂය නියෝජනය කරන ඒ ඒ පක්ෂවල සංයුතිය අනුව බවත් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරයි.

ඊයේ (16) උතුරේ මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු තනිකරම එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමට ගන්නා උත්සාහය තුළ විපක්ෂ නායක ධුරය පිළිබඳව ප්‍රශ්නයක් පැන නඟින බව උතුරේ මාධ්‍යවේදීන් විපක්ෂ නායකවරයාගෙන් විමසා ඇත.

ආර්. සම්බන්ධන් මහතා එහිදී පවසා ඇත්තේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේද පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය මත නිසා එම පදවිය හිමිවිය යුතු පක්ෂයට එය හිමිවීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත් තමන් කිසි විටෙකත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව කටයුතු කිරීමට උත්සාහ නොකරන බවත් ය.

Facebook
Twitter
LinkedIn