ඒකාධිපති වියරුවට එරෙහි ජවිපෙ විරෝධතා රැලියට විශාල ජන සහභාගිත්වයක්

ඒකාධිපති වියරුවට එරෙහි ජවිපෙ විරෝධතා රැලියට විශාල ජන සහභාගිත්වයක්

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තොම්බර් 26වනදා නීතිවිරෝධී ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් සිදුකළ කුමන්ත්‍රණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා පවත්වනු ලබන “ඒකාධිපති වියරුව පරදවන ප්‍රජාතන්ත්‍රවාදය දිනවන ජනතා රැලිය” නම් රැලි මාලාවේ තවත් රැලියක් ඊයේ (30) කුරුණෑගල – වාරියපොල නගර මධ්‍යයේදී පවත්වන ලදී.

එම රැලියේදී ජවිපෙ නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලා කරුවන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු පිරිසක් ජනතාව ඇමතූ අතර මහා සංඟරත්නය ඇතුළු විශාල ජන සහභාගිත්වයක්ද දක්නට ලැබිණි.

 

Facebook
Twitter
LinkedIn