ඉන්දීය ගොවියෝ පාර්ලිමේන්තුව වැටලීමට යයි

ඉන්දීය ගොවියෝ පාර්ලිමේන්තුව වැටලීමට යයි

ගොවි ණය කප්පාදු කිරීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමින් ඉන්දීය ගොවීන් දහස් ගණනක් නවදිල්ලි නුවරට රැස්ව තිබේ.

ඉන්දියාව පුරා ගොවි සංවිධාන 207ක් නියෝජනය කරන ගොවීන් මෙසේ පැමිණ ඇති අතර නවදිල්ලි නුවර ආරක්ෂාවට 3500ක පොලිස් බලඇණියක් ද යොදවා තිබේ.

ආන්ද්‍ර ප්‍රදේශ්, ගුජරාටි, මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ඨ, තමිල්නාඩු, බටහිර බෙංගාල සහ උත්තර් ප්‍රදේශ්වල සිට පැමිණි ගොවි ජනතාව ඊයේ(29) නවදිල්ලි නුවරට ලඟා වී ඇති අතර අද(30) දිනය පුරාම ඔවුන් නවදිල්ලි නුවර කඳවුරු බැඳගෙන සිටිති.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ සිය ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා සිය දුක්ගැනවිලි ප්‍රකාශ කරන බවයි.

ගොවි ජනතාව පවතින මෝදි රජයට බලකරමින් කියා සිටින්නේ ගොවි ණය කපාහැරීමට කටයුතු කරන ලෙසයි.

ඉන්දීය මහ මැතිවරණයට මාස කිහිපයක් තිබිය දී ගොවි ජනතාව විසින් සිදුකරන විරෝධතා වර්ථමාන අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රතිරූපය බිදහෙලීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම ගොවි ජනතාව දැවැන්ත ආකාරයෙන් සංවිධානය වී සිටීම මෝදිට ප්‍රභල අභියෝගයක් වනු ඇතැයි විචාරකයෝ පවසයි.

Image result for indian farmers protest to day

Image result for indian farmers protest to day

Facebook
Twitter
LinkedIn