ශ්‍රී ලංකන් – මිහින් ලංකා වංචා දූෂණ විමර්ශන කොමිසමේ කාලය දිගු වෙයි

ශ්‍රී ලංකන් – මිහින් ලංකා වංචා දූෂණ විමර්ශන කොමිසමේ කාලය දිගු වෙයි

ශ්‍රී  ලංකා එයාර් ලයින්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල 2006 ජනවාරි මස 01 වනදා සිට 2018 ජනවාරි මස 31 වනදා දක්වා වූ කාලය තුළ සිදුව ඇති අක්‍රමිකතා හා වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කිරිමේ ජනාධිපති පරික්ෂණ කොමිසම් සභාවේ කාලය දීර්ඝ කර ඇතැයි යාර්තා වේ.

ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ එම කොමිෂන් සභාවේ කාලය ලබන වසරේ පෙබරවාරි 15 වනදා තෙක් දීර්ඝ කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මෙම වසරේ ජනවාරි මස 31 වන දින සිට මාස 06ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම කොමිසම ස්ථාපිත කළ අතර පසුගිය ජුලි මස 31 වනදා සිට යළිත් එම කොමිසමේ කාලය එළඹෙන දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කළේය.

පවතින තත්ත්වය හමුවේ තවත් මාස දෙක හමාරක කාලයක් සඳහා මෙම ජනාධිපති කොමිසමේ කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මස 15 වන දින දක්වා කොමිසමේ කාලය බලපැවැත්වෙන බව සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn