ඉඩමට අයුතු ලෙස ඇතුළු වී පොල් කඩා පොල් ගෙඩි 13ක් සොරකම් කිරීමේ චෝදනා යටතේ තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ඇප මත මුදාහැරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ.ආර්. නදීශානි මහත්මිය පසුගිය 30වනදා නියෝග කර තිබේ.
ඔවුන්ට නැවත ඔක්තෝබර් මස පළමු වැනි දින තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් නියෝග කර තිබේ.
රාජාංගණය යාය 2 ඩී ඇළ ප්‍රදේශයේ ඉඩමකින් පොල් කඩමින් සිටියදී ඉඩමේ අයිතිකරු සහ අවට පිරිස් එක්ව මොවුන් දෙදෙනා අල්ලාගෙන ඇත. ප්‍රදේශවාසීන් 119 දුරකථනයට දුන් පණිවුඩයක් අනුව තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
97










