මෙතෙක් පාර්ලිමේන්තුවට පමණක් සීමා වී තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප්(COPE) කාරක සභාව පොදු ජනතාවගේ අදහස් හා යෝජනා සහිතව ඉදිරියට ගෙන යාමේ වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
පාර්ලිමේන්තු කමිටු සභා කාමරයේ පැවැත්වෙන කාරක සභා රැස්වීම් ආකෘතියෙන් පිටතට ගොස් මහජනතාව සමඟ අදහස් හා යෝජනා හුවමාරු කරගැනීමට මේ වන විට අවධානය යොමුව ඇතැයි ඒ මහතා පවසයි.
එමඟින් වඩා ගවේශණශීලී ලෙස කටයුතු කිරීමට කෝප් කමිටුවට හැකිවනු ඇතැයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය. එසේම ජනතාවට කෝප් කමිටුව හා සම්බන්ධවීමට අවස්ථාවක් හිමි වන බවද මන්ත්‍රීවරයා පවසයි.
2










