හෙට සිට උපකාරක පංති සියල්ල තහනම්

හෙට සිට උපකාරක පංති සියල්ල තහනම්

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමුවනදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. මෙම නියෝග නොසලකා කටයුතු කලහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

මීට අමතරව මෙවර 05  ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ද උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු මස පළමුවන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්