STF එකට පොල්ල දුන්නේ කවුද?

 

බස්නාහිර පළාත්සභා ඇමති නිමල් ලන්සා මහතාගේ නිවසට කඩා වැදුණු විශේෂ කාර්ය බලකායට අණදුන්නේ කවුදැයි තවමත් අබිරහසකි.

හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ අත්සනින් 2010 ජනවාරි 19 වැනි දින නිකුත් කර තිබෙන RMP1429 දරන වක්‍රෙල්ඛය අනුව අධිකරණයෙන්සෝදිසි වරෙන්තුවක් ලබාගත යුත්තේ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේද අනුමැතිය ඇතිවය. එසේ තිබියදී ඇමති ලන්සා මහතාගේ නිවස සෝදිසි කිරීමට අණ දුන් බලවතා කවුදැයි තවමත් හෙළිවී නැත. හිටපු පොලිස්පතිවරයා නිකුත්කළ තවමත් වලංගුව පවතින උක්ත චක්‍රලේඛයෙන් අවධාරණය කර තිබෙන්නේ පොලීසියට ලබා දෙන තොරතුරු මත කරන සෝදිසිකිරීමවලදී එම තොරතුරු බොහොමයක් අසත්‍ය බව හෙළිවී ඇති බවයි.

“පොලීසියට ලැබෙන තොරතුරු අනුව ගොඩනැගිලි හා ස්ථාන පරීක්ෂා කිරීමේදී මා වෙත පැමිණිළි රාශියක් ලැබී ඇත. අසත්‍ය තොරතුරු මත පොලිසිය නීත්‍යානුකූල නොවන ලෙස සෝදිසි කටයුතු සිදුකිරීමෙන් සමහර අවස්ථාවල මහජනයා අපහසුතාවට පත්වී ඇත. එබැවින් යම් ගොඩනැගිල්ලක් හෝ සැක කටයුතු ස්ථානයක් සෝදිසි කිරීමට ඇතොත් ඒ පිළිබද වහාම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරා වෙත දැනුම් දී ඔහුගේ උපදෙස් අනුව පමණක් සිදුකළ යුතුය. ඒ පිළිබදව සෝදිසිකිරීමට පෙර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නියොජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමද මින්පසු අනිවාර්ය වේ. සෝදිසි වරෙන්තුවක් ලබාගෙන පමණක් එවැනි සෝදිසිකිරීම් කළයුතු බවද දැනුම් දෙමි.” යනුවෙන් එහි සදහන්ය.

එහෙත් ලන්සා මහතාගේ නිවස සෝදිසි කිරීම පිළිබද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හෝ නියෝජ්‍ය පොලිස්පති හෝ දැන නොසිටි බව වාර්තා වේ. එවැනි දැවැන්ත මෙහෙයුමකට අණ දුන් අදිසි හස්තය තවමත් අදෘෂ්‍යමානය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්