අපුර වැව්වලට ‘සී ප්ලේන්’ බස්සනවාට අපි විරුද්ධයි – වාරිමාර්‍ග දෙපාර්තමේතුව

 

අනුරාධපුර නුවරවැව,තිසාවැව සහ නාච්චාදූව යන  ප්‍රධාන වැව් ආශ්‍රිතව ‘සී ප්ලේන්’ ගොඩ බැස්සවීමට තීරණය කළහොත් වාරිමාර්ග දෙපාර්තමේනතුව ඊට විරෝධය පළ කරන්නේ යැයි කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඩබ්ලිව් .බී.පළුගස්වැව මහතා පවසයි.

ඔහු මේබව ප්‍රකාශ කළේ නාච්චාදූව ඒකාබද්ධ ගොවි සංවිධානය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවති අවස්ථාවේදීයදීය.

අනුරාධපුර වැව් සදහා ‘සී ප්ලේන්’ ගොඩබෑමට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 7 වැනි දිනැති ගැසට් නිවේදනයකින් අදාල සමාගම් වෙත දැනුම්දීමක් කර ඇතැයි  මෙහිදී හෙළිදරව් විය.

‘සී ප්ලේන්’ යානා බැස්සවීමට මෙම වැව්වල නිශ්චිත ජල මට්ටමක් තිබිය යුතු යැයිද එහෙත් භෝග වගාවන්ට ජලය බෙදාහැරීමේදී මෙය ගැටලුවක් විය හැකි යැයි ද යානා ගොඩබැස්සවීමේ දී ඇති වන රැල්ල නිසා වැව් ඉවුරු ඛාදනයට ලක්වන්නේ යැයිද වාරි ඉංජිනේරුවෝ ප්‍රකාශ කළහ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්