සත්තුවත්තෙන් පැන්න සත්තුන්ට පොලීසියෙන් වෙඩි

 

පසුගිය අගහරුවාදා ඇමරිකාවේ ඔහියෝහි පුද්ගලික සත්තුවත්තකින් ව්‍යාඝ්‍රයන් ,සිංහයන්, වලසුන්,වෘකයන්  රැසක් වැටෙන් පැන ගොස් ඇති අතර අසල පිහිටි ගොවිපළකට ගොස් තිබේ.

ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා පැනගිය එම සතුන්ට වෙඩිතබන ලෙස නියෝග කර ඇති අතර ඒ අනුව සිංහයන් 17 ක් බෙංගාලි ව්‍යාඝ්‍රයන් 18ක් වෘකයන් ඇතුළු සතුන් 56 දෙනෙකු ඝාතනය කර තිබේ. දිවියන් දුන් අළු වලසෙක් හා වදුරන් දෙදෙනෙකු අල්ලාගෙන අසල සත්වෝද්‍යානයකට භාර දී තිබේ.

මේ පිළිබද අදහස් දක්වන විචාරකයන් පවසා ඇත්තේ ව්‍යාඝ්‍රයන් ඝාතනය බරපතළ ඛේදවාචකයක් බවයි.වදවීමේ තර්ජනයකට මුහුණ දී සිටින ව්‍යාඝ්‍රයන් ලෝකයටම සිටින්නේ 1400ක් පමණක් බවද වාර්තා වේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්