චීන ගුවන් යානා හාරක නැවේ චන්ද්‍රිකා ඡායාරූපයක්

චීනය විසින් පළමු වරට දියත්කරන ලද ගුවන් යානා හාරක නැවේ රහසිගත අත්හදාබැලීම් ගමනක චන්ද්‍රිකා ජායාරූපයක් නිකුත්වී තිබේ.

පසුගිය 08 වෙනිදා චීනයට ආසන්න කහ මුහුදේ සංචාරය කරමින් තිබූ නෞකාවේ චන්ද්‍රිකා ඡායාරූපය ගනු ලැබ ඇත්තේ ඇමරිකාවේ පෞද්ගලික චන්ද්‍රිකා සමාගමකට (DigitalGlobe) අයත් චන්ද්‍රිකාවක් විසිනි.

මෙම යුධ නෞකාව සෝවියට් ජනපදයේ ඇනවුමක් අනුව යුක්රේනයේ තටාංගනයක නිශ්පාදනය වෙමින් තිබූ අතර සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු චීන රතුහමුදාවට අනුබද්ධ චීන සමාගමක් විසින් එය මිලට ගන්නා ලදුව වැඩ අවසන් කරන ලදී.

 

Facebook
Twitter
LinkedIn