පළාත් පාලන මැතිවරණ සමයේදී ආධාරකරුවකුට පහරදීමේ සිද්ධියක සැකකරුවන් වන හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක හා ඔහුගේ පුත් තාරක දිසානායක යන අය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉකුත්දා (27) ඉදිරිපත් කළ අවස්ථාවේ අයකුට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප මත මුදාහරින ලෙස මහනුවර මහෙස්ත්‍රාත් කරුණාරත්න බණ්ඩාර මහතා නියෝග කර තිබේ.
ඉකුත් 2018 පෙබරවාරි මස 10 වැනි දින ගලහ දෙල්තොටවත්ත ප්‍රදේශයේදී තමන්ට බැනවැදී, තර්ජනය කොට පහර දුන් බවට එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවකු වන අනුර බණ්ඩාර නම් අය ගලහ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.
සැකකරුවන් සඳහා ඇප ලබාදීමට විරෝධයක් නොමැති බව ගලහ පොලිසිය විසින් අධිකරණය වෙත වාර්තා කරීම හේතුවෙන් සැකකරුවන් යළි ජූලි මස 02 වැනි දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
10










