රිසානා නෆීක් වෙනුවෙන් ඇසෙන මෙරට නඩුවෙන්

 

සෞදි අධිකරණය මගින් මරණ දඬුවම් නියමකර තිබෙන රිසානා නෆීක් නැමැති අය විදේශගත කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා ඊයේ (12) පළමුවරට මහාධිකරණය වෙත ඉදිරිපත් කළේය.

මෙහිදී විත්තිකරුවන්ගේ නීතීඥයන් විසින් විත්තිකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් ලබන 16 වැනිදා සලකා බලන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

රිසානා නෆික් නැමැත්තිය බාලවයසකාර තැනැත්තියක් බව දැන දැන ව්‍යාජ ලේඛණ සකස්කර විදෙස්ගත කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබේ.

මෙසේ රිමාන්ඞ් භාරයේ පසුවන්නේ ශවුල් හමිදු අබුදුල් ලතීෆ්, පකීර් මොහිදීන් හජිදීන් හා තම්බි ලෙබ්බේ අබ්දුල් සලාම් යන තිදෙනාය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්