යුවරාජ්ට ටෙස්ට් ක‍්‍රිකට් පුළුවන් දැයි සැකයි – දෝනි

පිළිකා තත්වයක් හේතුවෙන් තාවකාලිකව කී‍්‍රඩාවෙන් බැහැරව සිටි ඉන්දීය තුන් ඉරියව් කී‍්‍රඩක යුවරාජ් සිං නැවත ඉන්දීය ටෙස්ට් පිටියට පිවිසීම සම්බන්ධයෙන් තම අදහස් පල කරන ඉන්දීය නායක එම් එස් දෝනි පවසන්නේ යුවර්ජ්ට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කල හැකිද යන්න තමන් නොදන්නා බවයි.

ටෙස්ට් කි‍්‍රකට් යනු එක්දින හෝ 20-20 තරග මෙන් නොවෙයි. එය වෙනස්ම ආකාරයේ තරග රටාවක්. එයට ශරීර යෝග්‍යතාවය ඉතාමත් වැදගත්. අධික වෙහෙස ඔබේ පිතිකරණ හැකියාවට බාධාවක් නොවිය යුතුයි යනුවෙන් නවදිල්ලියේ ශරීර සුවාතා මධ්‍යස්ථානයක සිටියදී මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් දෝනි පැවසීය.

කෙසේ වුවත් තමන්ගේ හැකියාවන් ගැන තක්සේරු කල යුත්තේ යුවී විසින්මයි යනුවෙන් ඉන්දීය නායකයා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn