ගීතාන්ජනට සහ අමුණුගමට නව නි. ඇමතිධූර

නියෝජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස සිටි ගීතාන්ජන ගුණවර්ධන මහතා ඉන් ඉවතකර අන්තර් ජාතික මුල්‍ය සහයෝගිතා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා නව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද ගීතාංජන ගුණවර්ධන මහතා නව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්කර ඇත. එම නියෝජ්‍ය අමාත්‍ය ධූරය මෙතෙක් හිස්ව තිබුණි.

මීට ස්වල්ප ‍මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී මෙම දිවුරුම්දීම සිදුව තිබේ.

ආචාර්ය සරත් අමුණුගම මහතාට නව නියෝජ්‍ය අමාත්‍යධූරය පිරිනැමී ඇත්තේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යධූරයට අමතරවය.

Facebook
Twitter
LinkedIn