‘ලක්බිම’ වැටුප් නොගෙවීමෙන් අර්බුදයක්

සීමාසහිත ලක්බිම නිවුස් පේපර්ස් සමාගමට අයත් දිනපතා සහ ඉරිදා ලක්බිම පුවත්පත් කාර්යමණ්ඩලයට වැටුප් නොගෙවීම හේතුවෙන් සේවක නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙම කාර්යමණ්ඩලයේ සියයකට වැඩි පිරිසකට පසුගිය 28වැනි දින වැටුප් ගෙවීමට නියමිතව තිබූ අතර වැටුප් පත්‍රිකාද නිකුත් කොට තිබී ඇත. එසේ වුවත් ආයතනයේ මූල්‍ය අර්බුදයක් ඇති බව ප්‍රකාශ කරමින් මේ වන තෙක් (01) වැටුප් ගෙවා නොමැත.

කෙසේ වුවද මෙම ගැටලුව සමථයකට පත්කර ගැනීම සඳහා වෘත්තීය සමිති මැදිහත් වෙමින් ඇති බව සඳහන් වේ.

ලක්බිම නිවුස් පේපර්ස් සමාගම සුමතිපාල සමූහ ව්‍යාපාරයට අයත් ආයතනයකි.

 

Facebook
Twitter
LinkedIn