පුත්තලම – මන්නාරම මාර්ගය වසා දමයි

කලා ඔයේ ජල මට්ටම වැඩිවීම නිසා පුත්තලම – මන්නාරම මාර්ගය එළුවන්කුලම ප‍්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබේ.

එළුවන්කුලම ප‍්‍රදේශය අඩි 3 ක් දක්වා මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් පුත්තලම – මන්නාරම මාර්ගය භාවිතා කරන්නන් අනුරාධපුරය – මැදවච්චිය හරහා මන්නාරම දක්වා යා යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීට අමතරව රාජංගණය වැවේ ද ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් කුමන මොහොතක හෝ වාන් දොරටු විවෘත කිරීමක් සිදුවන බවත් පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු සඳහන් කරති. එබැවින් එම ජලයද කලා ඔයට එක්වීම නිසා කලා ඔයේ ජල මට්ටම වැඩිවන අතර කලා ඔයේ දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසසත් ඔවූහු වැඩිදුරටත් කියා සිටිති.

Facebook
Twitter
LinkedIn