සන්ධාන මන්ත්‍රී බන්ධනාගාරයට

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීව් රොද්‍රිගු මහතා බන්ධනාගාරගත කර ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරයාට එරෙහිව වත්තල අධිකරණයේ පවරා තිබූ නඩුවක් ඊයේ (26 දා) කැඳවූ අවස්ථාවේ අදාළ තීන්දුව ලබාදී ඇත.

2011 වර්ෂයේ මාර්තු මස 03 වැනි දින අලුයම අධික ලෙස බීමත්ව වත්තල පොලිසියට කඩාවැදුණු සැකකාර මන්ත්‍රීවරයා එහි රාජකාරි කරමින් සිටි නිලධාරීන්ට තර්ජනය කර ඔවුන්ට පහරදීම හා රජයේ දේපළ විනාශ කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබී ඇත.

අදාළ නඩුව වත්තල අධිකරණයේදී පෙරේදා (25 වැනිදා) විභාගයට ගෙන ඇති අතර ඒ සඳහා සැකකරු ඉදිරිපත් වී නැත. එහිදී සැකකරුට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබිණි.

අනතුරුව මන්ත්‍රීවරයා ඊයේ (26) දිනයේදී අධිරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහෙස්‌ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn