අඹගහ කෝරලේ ප්‍රා. ස. සභාපතිට මැර ප්‍රහාරයක්

මාතලේ අඹගහ කෝරලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් විජේතිලක මහතාට මැර පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තාවේ. එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇති සභාපතිවරයා මහනුවර රෝහලට ඇතුළත්කර ඇත.

මැරයන් ඔහුගේ නිවසට පැමිණ ඉතා දරුණු ලෙස පහරදී ඇති අතර සභාපතිවරයාගේ නිල කැබ් රථයේ ටයර් කපා විනාශ කර ඇත.

මේ වනවිට මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහුට කතා කිරීමට හෝ නොහැකි බව රෝහල් ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ සම්බන්දයෙන් රත්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

මීට පෙර නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද මැර ප්‍රහාරයකට ලක්විය.

Facebook
Twitter
LinkedIn