තිරිඟු පිටි මිලත් ඉහළට

අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බව සෙරන්ඩිබ් සමාගම පවසයි.

ඒ අනුව පිටි මිල රුපියල් 4.00 න් ඉහළ නැංවීමට එම සමාගම කටයුතු යොදා ඇති අතර ඔවුන්  බෙදාහරින තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 98ක් වී තිබේ.

මේ වනවිට 2013 අයවැය විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති අතර මීට සති කිහිපයකට පෙර සිමෙන්ති හා කුකුළුමස් මිලද ඉහළ දමනු ලැබීය.

Facebook
Twitter
LinkedIn