අන්තර් සමාගම් සේවක සංගමය අරඹා ඇති පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් දිනාගැනීමේ සටන පුළුල් ජනතා දැනුවත් කිරීමක් හරහා නව ජවයකින් යුතුව ඉදිරියට ගැනීමට තම සංගමයේ විධායක සභාව තීන්දු කළ බව එහි සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
පසුගියදා බත්තරමුල්ල සුභූතීපුර පිහිටි එම සංගම් කාර්යාලයේ පැවැත්වූ විධායක සභා රැස්වීමේදී එම සටන අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා සභිකයින් සියලුදෙනා ඒකමතිකව තීන්දු කළ බවද සඳහන්.
සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුව බොරු විශ්‍රාම වැටුප් ප්‍රෝඩාවක් දමා කම්කරුවන්ට වෙට්ටුවක් දමාගිය අතර දැන් එම ප්රශ්නය යටගසා ඇති බවයි.
නමුත් තම සංගමය ඊට කිසිසේත් ඉඩ නොතබන බවද ඒ පිළිබඳව පෞද්ගලික අංශ සේවකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට වැඩබිම් මට්ටමින් ආරම්භ කර ඇති බවද සමරසිංහ මහතා තවදුරටත් සඳහන් කරයි.
Views: 0









