ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.එම්. ක්‍රිෂ්ණා මහතා කැබිනට් තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතා සමග ලාඕසයේ යොදාගෙන තිබු සංචාරයද අවලංගු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
ක්‍රිෂ්ණා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එරට මාධ්‍ය විවිධ අදහස් පළකරන අතර සිය තනතුරින් ඉල්ලා අස්වීමට අදාළ පැහැදිලි හේතුවක් ඒ මහතා විසින් මෙ වනතෙක් අනාවරණය කර නොමැත.
මාධ්‍ය වාරතාකරන අන්දමට මයිසෝර්, බැංගලොර් අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනයට කර්නාටක, අලෝකයුක්ත අධිකරණය විසින් ක්‍රිෂ්ණා මහතා ද විත්තිකරුවෙකු ලෙස ඊයේ (25) නම් කර ඇත.
කෙසේ වෙතත් ඉන්දීය කොංග්රස් පක්ෂය මාධ්‍යවෙත පවසා ඇති ආකාරයට කොංග්රස් නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණ කටයුතු සඳහා ඒ මහතා නායකත්වය ගෙන කටයුතු කරනු ඇතැයිද එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ නමුත් ඉදිරි දින දෙක තුළදී ඉන්දීය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමටද නියමිතය.









