අවවාද කිරීමක් හේතුවෙන් හෝමාගම ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයාට, ගුරුවරුන් දෙදෙනෙකුට සහ ගුරුවරියන් දෙදෙනෙකුට අපූරු තෑග්ගක් පිරිනමා ඇතැයි වාර්තා වේ.
ඡායරූප ශිල්පියෙකු විසින් පාසලේ ශිෂ්‍යාවකට සිදුකරන ලද අනිසි යෝජනාවක් සම්බන්ධයෙන් අවවාද සිදුකිරීමක් සිදුව ඇත.
මේ හේතුව මත අදාළ ඡායාරූප ශිල්පියා විසින් එම පාසලේ විදුහල්පතිවරයාගේ, ගුරුවරුන් දෙදෙනෙකුගේ සහ ගුරුවරියන් දෙදෙනෙකුගේ හිසට නිරුවත් පින්තූර බද්ධ කර නාන තටායක සිටින අයුරින් පේස් බුක් වෙබ්අඩවියකට නිකුත්කර ඇත.
පාසලේ උත්සවයකදී ලබාගත් ඡායාරූප යොදාගෙන ඔහු මේ ක‍්‍රියාව සිදුකර ඇති අතර අදාළ ඡායාරූප ශිල්පියා කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රහස් පොලීසියට බාරදී ඇත.
Views: 1









