දින කිහිපයක් තුළ විසඳුම් නොලැබුනොත් නැවත වර්ජනයකට – FUTA

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව ඊයේ (25) රැස්වූ අතර එහිදී තීරණ කිහිපයක් ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුව සමඟ පැවැති සාකච්ඡාවලදී පැමිණි එකඟතාවන් පිළිබඳව මෙතෙක් කිසිදු සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලැබී නොමැති බවත් ඒ පිළිබඳව නැවත සිහිකැඳවීමේ ලිපියක් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කිරීමට තීරණය කර ඇත.

ඒ සඳහාද සෑහීමකට පත්විය හැකි ආකාරයේ තහවුරුවක් සහිත පිළිතුරක් දින කිහිපයක් තුළ නොලැබුණහොත් ඉදිරියේදී නැවැත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව එම සමිති සම්මේලනය පවසයි.

ආශ්‍රිත පුවත්

සරසවි ආචාර්යවරු යළි අරගලයට සැරසෙති

Facebook
Twitter
LinkedIn