ඇමති සුසිල්ටත් මතක නෑ

මීට මාස කිහිපයකට පෙර බාල තෙල් වෙළඳපොළට නිකුත්වීමත් සමග ඛනිජතෙල් කර්මාන්ත ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට පවසා සිටියේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව කිසිදු හදිසි මිලදී ගැනීමකට ඉඩ නොතබන බවය.

නමුත් මේ වනවිට සංස්ථාවේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීමක් ලෙස ඕමානයෙන් බොරතෙල් නැවක් ගෙන්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එම අවස්ථාවේ වැඩිදුරටත් පවසා සිටියේ ටෙන්ඩර් කැඳවීම්වලින් තොරව සිදුකෙරෙන හදිසි මිලදී ගැනීම් නිසා බාල ඩීසල් ගැටලුව ඇතුළු ගැටලු රැසක් උද්ගත වූ බවයි.

නමුත් එදා එසේ පැවැසූ ඇමතිවරයාට එම කාරණය මේ වනවිට අමතක වී ඇත.

Facebook
Twitter
LinkedIn