අඹන්වල මහතාට ඇසිඩ් ගැසූ 7කට වැඩ වරදී

2002 මැයි 20 වැනි දින විගණන අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වු පුද්ගලයින් 7 දෙනෙකුට මහනුවර මහාධිකරණය අද (24) වසර 10-20 ත් අතර සිරදඬුවම් නියම කර ඇත.

අඹන්වල මහතාට මෙම ප්‍රහාරය එල්ල වූයේ විගණන පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එවකට විගණන අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදීය.

රාජ්‍ය මුදල් වංචනික ලෙස භාවිත කිරීම හා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සතු භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමට අදාළව මෙම නඩු විභාගය පැවති බවද වාර්තා වේ.

ඇසිට් ප්‍රහාරයට ලක්වූ අඹන්වල මහතා


Facebook
Twitter
LinkedIn