ෙ
පළමු වසරට සිසුවෙකු ඇතුළත් කරගැනීම සඳහා මවකගෙන් රුපියල් හාරදහසක (4000) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදපිළිගත් හිටපු විදුහල්වතිවරයෙකුගේ ප්රජා අයිතිය අහෝසිකර ඇතැයි වාර්තා වේ.
2008 වසරේ නොවැම්බර් මස 27 හෝ ඊට ආසන්න දිනක කොටහේන සිංහල කණිෂ්ඨ විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළ එච්.එම්. දයාරත්න මහතා විසින් එම විදුහලේ පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා අදාළ සිසුවගේ මවගෙන් රුපියල් 4000ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගෙන ඇත.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා විසින් විදුහල්පතිවරයාගේ ප්රජා අයිතිය අහෝසි කර ඇති අතර අත්හිටවූ සිරදඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක්ද නියම කළ අතර ඇත.
Views: 0









